මුදල් නෝට්ටුවක් සිදුරු නොකර පැන්සලක් යැවීම හා තවත් මැජික් කරන අයුරු

Milleaccendini වෙතිනි. කවරයේ පින්තූරය: images-amazon.com

අරුම පුදුම

මුදල් නෝට්ටුවක් සිදුරු නොකර පැන්සලක් යැවීම හා තවත් මැජික් කරන අයුරු

මැජික් කියන්නේ ඇස් බැන්දුම් හෙවත් ඇහැ රවටා කරනු ලබන ප්‍රයෝග යි. හොඳින් පුරුදු වීමෙන් පස්සේ හතර වටේ ම කවුරු හිටියත් හැමෝගෙ ම ඇස් වලට අහුවෙන්නෙ නැති වෙන්න වැඩ පෙන්වන්න තරම් දක්‍ෂකමක් ගන්න පුළුවන්.

මේ කියලා දෙන්න යන්නේ ඒ වගේ මැජික් කරන ආකාරය යි. මුදල් නෝට්ටුවක් උඩින් තවත් කොළයක් තියලා එය සිදුරු කරන ආකාරය, බෝතලයට ලණුවක් දාලා ලණුවෙන් අල්ලා ගෙන ඉද්දී බෝතලය නොවැටී තිබෙන ආකාරය වැනි ප්‍රයෝග ඔබ දැකලා තිබුණු නමුත් ඒවා කරන හැටි දැක්වෙන පැයක පමණ දීර්ඝ වීඩියෝවක් තමයි මේ ගෙන එන්නේ. ඉතා ම සරලව ඕනෑම කෙනෙක්ට තේරුම් ගත හැකි පරිද්දෙන් සහ එම ප්‍රයෝග ඉදිරිපත් කළ යුතු ආකාරය ද කියාදෙන මෙම වීඩියෝව නිසා යාළුවො එක්ක කාලය ගත කරද්දි කම්මැලිකම නැති කරගන්න ඔබට හොඳින් උපකාර වනු ඇතැයි අපි විශ්වාස කරනවා.


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top