එක් රැයකින් ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයෙක්

අරුම පුදුම

එක් රැයකින් ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයෙක්

සමාජ මාධ්‍ය ජාලවලට කොතරම් සවිබලයක් ඇත්දැයි සනාථ වන සිද්ධියක් මෑතදී පකිස්ථානයෙන් වාර්තා වුණා. උපතින් ම නිල් පැහැති ඇස්වලට හිමිකම් කිව් තේ කඩයක රැකියාව කළ පුද්ගලයෙක්ගේ ඡායාරූපයක් හදිසියේ ම අන්තර්ජාලය පුරා පැතිරුණු අතර ඔහුගේ පෙනුම නිසා ම එම පින්තූරය නළුවෙක් යොදා ලබාගත් එකක්දැයි බොහෝ දෙනෙක් සැක කළා.

නමින් ඛයිබර් පක්ටන්ඛ්වා නම් මෙම පකිස්ථාන ජාතිකයා මර්දාන් නගරයේ සාමාන්‍ය වැසියෙක්. වයස අවුරුදු 18ක් වූ ඔහුගේ ඡායාරූපය ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ දිනකට ගැහැණු ළමයි 50-70 පමණ ඔහුගේ තේ කඩයට පැමිණ ඔහු සමඟ සෙල්ෆි ගන්නවායි ඔට්ටු අල්ලා ද තිබෙනවා. මේ අතර ඔහුගේ මෙම පෞරුෂත්වය නිසා ම දැන් ඔහුට මොඩ්ලිං කිරීම සඳහා අවස්ථාවක් ලැබී ඇති අතර ඊට ගිවිසුම් ද අත්සන් කර අවසන්. ඉතින් ඛයිබර් කියන්නේ එක රැයකින් ප්‍රසිද්ධියේ ඉහළට ම ගිය පුද්ගලයෙක් කියලා කියන්නට පුළුවන්. හැබැයි “පූජාසනයේ ඔබ හිඳුවා – ඔබට පුදන මේ ලෝකයමයි – ඔබට එරෙහිවී නැගිටින්නේ” කියලා ගීතයක් තිබෙනවා කියලා අමතක කරන්නත් බැහැ.

anyeegz_700b_v1


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top