අග්නි කුහුඹුවන්ගේ එකමුතුකමේ බෝලය

Insider වෙතිනි

අරුම පුදුම

අග්නි කුහුඹුවන්ගේ එකමුතුකමේ බෝලය

මී මැස්සන්ගේ කඩිසර බව වගේ ම තමයි අපි කුහුඹුවන්ගේ එකමුතුකම ගැන උපමාවන්ට ගන්නේ. එහෙම පොඩි කාලේ ඉගෙන ගෙන තිබුණාට තමන්ගේ වර්ගයා වෙනුවෙන් භේද නොවී එකා මෙන් සිටීමෙන් මුළු ජනපදය ම ආරක්‍ෂා කරගත හැකි බව උගත හැකි හොඳ පාඩමක් මේ “කූඹි කූඹි යාළු”වන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්.

ඉංග්‍රීසි බසින් ෆයර් ඈන්ට්ස් ලෙස හඳුන්වන මෙම කුහුඹු විශේෂයට අනතුරුදායක අවස්ථා සඳහා මුහුණ දීමට හැඩතලයන් බවට පත්වීමේ දස්කමක් දක්වනවා.  මෙහි දකින්නට ලැබෙන්නේ ඔවුන් එසේ බෝලයක් සේ සෑදී සිටින අවස්ථාවකුයි. එහිදී ඝන ද්‍රව්‍යයක් ලෙසත්, අවබලයක් ලබා දුන්විට ඔවුන් අර්ධ-ඝන තත්වයේ ද්‍රව්‍යයක් මෙන් ද උන් හැසිරෙන අතර සුළු සහ ස්ථාවර බලයක් ලබා දීමේදී දියරයක් මෙන් ඉඩ හදාගනිමින් හැඩ ගැසෙනවා. එකිනෙකාට ඊර්ෂ්‍යා කරගන්නා අපිට මේ කුහුඹුවන් ලබාදෙන්නේ අරුම පුදුම පාඩමක් නේද?


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top