මැරුණු නිල් තල්මසෙක් බලපිටියේ

DailyMirror වෙතිනි. වීඩියෝ ගත කළේ අනුරාධ ප්‍රියදර්ශන. කවරයේ ඡායාරූපය: sanclementetimes.com

අරුම පුදුම

මැරුණු නිල් තල්මසෙක් බලපිටියේ

මෑත දිනක දකුණු පළාතේ ගාල්ලේ, බලපිටිය ප්‍රදේශයේ අඩි පනහක් පමණ දිග නිල් තල්මසෙක් මුහුදෙහි පාවෙමින් සිට තිබෙනවා.

අන්තර්දායක තත්වයෙන් සලකන නිල් තල්මසුන් මෙලොවින් වඳවී යාමේ දැඩි තර්ජනයක් තිබෙනවා. දිගින් අඩි 98ක් පමණ තරම් දිගින් යුක්ත විය හැකි මෙම සත්ත්වයින් ක්‍ෂීරපායීන් ගණයට අයත් වෙනවා. බලපිටිය වෙරළින් කිලෝමීටර් එකහමාරක් පමණ එපිට මුහුදෙහි දකින්නට ලැබුණු මේ දුර්ලභ සත්ත්ව විශේෂයට අයත් සත්ත්වයා කැමරාවට හසු කරගන්නට සමත්ව තිබෙනවා. මොවුන්ගේ විශාලත්වය නිසා ම බොහෝ ඈතට යනතෙක් ම දැඩි දුර්ගන්ධයක් හමන නිසා මෙවන් අවස්ථාවලදී ප්‍රදේශවාසීන් ද අපහසුතාවයන්ට ලක්වන වාර ද අනන්ත යි.


මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top