තම ආදර කථාවේ ඇරඹුම ලස්සන කාටූනයක නැඟූ ලාංකිකයෙක්

Sashen Pasindu විසිනි

අරුම පුදුම

තම ආදර කථාවේ ඇරඹුම ලස්සන කාටූනයක නැඟූ ලාංකිකයෙක්

අපි ඔබට විවිධ රටවල දේවල් ගෙන එන අතරේ ඔබේ අපූරු නිර්මාණ තිබෙනවා නම් අප වෙත යොමු කරන ලෙස ද ෆේස්බුක් පිටුවේ සඳහන් කළා. මේ අතරවූ තමන්ගේ ආදර කථාව ඇරඹුණු ආකාරය පිළිබඳව තම පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් ඉතා සුන්දර විධියට කාටූනයක් හරහා නිමවා ඇයට යැවූ කෙනෙක්ගේ නිර්මාණයක් තමයි අද අපි බෙදාහදා ගන්නේ.

ට්විටර් හරහා මුණගැසුණු මේ දෙපළ පසුව කාලයේ ඇවෑමෙන් වට්ස්ඇප් වෙත මාරුවූ හැටි,  වයිබර් භාවිතා කළ හැටි සහ ඒ අතරතුර ආදරය ප්‍රකාශ කරගත් හැටි, දුර ප්‍රදේශයක සිට කොළඹට ඇය බැලීම සඳහා පැමිණි හැටි ආදීවූ අවස්ථාවන් රැසක් සිත්ගන්නාසුළු ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේ අපූරු ත්‍යාගය ඒ යුවතියගේ නෙතට සතුටු කඳුළක් නැගූබවට නම් කිසි සැකයක් නැහැ.

මේ සඳහා Adobe Flash මෘදුකාංගය භාවිතා කර තිබෙනවා.


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top