සුරතල් නමුත් භයානක සත්තු වර්ග 10ක්

අරුම පුදුම

සුරතල් නමුත් භයානක සත්තු වර්ග 10ක්

බල්ලන්ට, පූසන්ට වගේ ගෙදර හැදෙන සත්තුන්ට විතරක් නෙවෙයි ඈත රටවල හෝ සත්තු වත්තේ ඉන්න උණහපුළුවන්ට, පැන්ඩාවන්ට මෙන් ම බොහෝ කුඩා දරුවන් අලින්ට ද දැඩි කැමැත්තක් දක්වනවා. ඒත් ඔවුන්ගේ පෙනුම, ක්‍රියා කලාපයන් අහිංසක නමුත් ඔවුන්ගෙන් ජීවිත අවධානමක් ඇති වීමේ ද ප්‍රවණතාවයක් තිබෙනවා.

අන්තර්ජාලය පුරා ම පැන්ඩාවන්ගේ හුරතල් දේවල් ඔබ දැක ඇති. උණ ගහක් කකා පාඩුවෙ ඉන්න සතෙක් විධියට තමයි අපි පොඩි කාලෙ චිත්‍රවල දැකලා තිබෙන්නෙත්. ඒත් ඔවුන්ගේ ඒ දැඟලිල්ල ම තමයි අපිට පරහට හිටින්නේ. සෙල්ලම ලෙල්ලම වෙන්නේ. ඒ වගේ ම අලින්ට ගොඩක් දෙනෙක් කැමති වගේ ම ලංකාවේ අපිට නම් අත්දැකීම් ගොඩක් තිබෙනවා මොවුන් කොතරම් දරුණුද කියලා. ඉතින් ඒ වගේ සීල් මත්ස්‍යයන්, ඇතැම් මත්ස්‍යයන්, ගෙම්බන්, උණහපුළුවන්, බල්ලන් වැනි සත්ත්ව වර්ග 10ක් ඇතුලත් කර ඇති මෙම වීඩියෝව අවධානමට පෙර සූදානමක් කියලා හඳුන්වන්නට පුළුවන්. හැබැයි මොන සතා නෙවෙයි, මනු සතා වුණත් තමන්ට කරදරයක් වෙනවා කියලා දැනුනොත් විතර ම තමයි වලියට එන්නේ කියලා අමතක කරන්නත් එපා. සතුන්ට ආදරය කරන්න! උන් මිනිස්සුන්ට වඩා හොඳින් ඒක මතක තියා ගන්නවා.


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top