රට යන අයට දිය හැකි ප්‍රයෝජනවත් තෑගි

Bored Panda වෙතිනි

ගමන් බිමන්

රට යන අයට දිය හැකි ප්‍රයෝජනවත් තෑගි

යාළුවෙක් රට යනවා කිව්වාම එයා ටොපි චොකලට් ගේනකම් ම බලාගෙන ඉන්නවා වෙනුවට යනකොට එයාට අපිව මතක් වෙන්න සහ ප්‍රයෝජනවත් වෙන්න යමක් දෙන්න පුළුවන් නම් ඒක හුඟක් වටිනවා.

නිදාගැනීමට අවශ්‍ය දේවල්

මදුරු දැලක්, ඇඳ ඇතිරිලි ආදිය

wanderlust-traveler-gift-ideas-6-582c6257685ab__700

හොඳ බැගයක්

මේ බෑගය නම් සිප් එක සඟවා සකසා තිබෙන නිසා සොරුන්ගෙන් ආරක්‍ෂා කරනවා.

wanderlust-traveler-gift-ideas-22

පාස්පෝට් එකට කවරයක්

හොඳ පසුම්බියක් හෝ කවරයක් වැනි පාස්පෝට් එක සහ අනිකුත් නිතර ළඟ තබාගත යුතු දේ ආරක්‍ෂිතව තබා ගැනීමට සුදුසු යමක්.

wanderlust-traveler-gift-ideas-22-582c628261d3d__700

සිහිවටන

දුරු රටදී ඔබව සිහිවීමට ඔවුන්ට පෙන්ඩනයක් වැනි යමක් ලබා දෙන්නට පුළුවන්. (මේ ඡායාරූපයේ තිබෙන ප්ලේන් එක නම් හරහට යන නිසා ඒක ගොඩබාන්නේ කොහාටද කියලා නම් කාටවත් බලන්න අවශ්‍ය වෙන එකක් නැහැ 😜 )

wanderlust-traveler-gift-ideas-7-582c625b82370__700

හොඳ සිතියමක්

දැන් ගූගල් මැප්ස් තිබෙන නිසා මෙය නම් එතරම්ම ප්‍ර‍ශ්ණයක් නෙවෙයි. ඒත් බැටරිය සහ ඒ රටවල ඩේටා ගාස්තු ගැන වග වෙන්න කාටවත් බැහැ. එහෙම වෙලාවක පිහිටට එන්න රටේ හෝ නගර සිතියමක් තිබෙනවා නම් හොඳයි. මේ ඡායාරූපයේ තිබෙන බෝලය නම් තද කළා ම එහි තිබෙන නගර විශාලනය වී ඇතුළු පාරවල් ද ළඟින් නිරීක්‍ෂණය කළ හැකි වෙනවා.

wanderlust-traveler-gift-ideas-24-58402e222a37c__700

මාලිමාවක්

ලංකාවේම ඉඳගෙන උතුර දකුණ අමතක වෙන අපිට වෙන රටවල් ගැන කවර කථා ද? ඒ හින්දා සිහිවටන වාක්‍යයක් යොදන ලද මාලිමාවක් වගේ දෙයක් දෙන්න පුළුවන් නම් දෙආකාරයෙන් ම වැදගත් දෙයක් වේවි. මාලි-මාව බැන්දා ද?

wanderlust-traveler-gift-ideas-26-582c628f4e83c__700

ගිය රටවල් සලකුණු කළ හැකි සිතියමක්

මෙය වැඩිපුරම වටින්නේ සංචාරය සඳහා ප්‍රිය කරන අයටයි. ඔවුන් ගියපු රටවල් මේ විධියට සලකුණු කොට තබා ගැනීම ලොකුව කියන්නත්, මතකයන් නැවත සිහිපත් කරගැනීමට තමාගේ ම පහසුව සඳහාත් වැදගත් වේවි. මේ තිබෙන සිතියමේ නම් ගියපු රටවල් කාසියකින් හූරන්න ඕන. ඉතින් රුසියාවට වගේ ගියොත් නම් කාසිය ගෙවෙනකම් ම හූරන්න තමයි වෙන්නේ. මේ වගේ ස්ටිකර් ගැලවිය හැකි සිතියම් ද තිබෙනවා.

wanderlust-traveler-gift-ideas-40-582c62b9a805f__700


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ගමන් බිමන්

මේවාත් බලන්න

To Top