ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන 5ක්

ගමන් බිමන්

ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන 5ක්

මේ වීඩියෝව ජර්මන් ජාතිකයෙක් විසින් ශ්‍රී ලංකාවේ ඔහුගේ සිත්ගත් ස්ථාන 5ක් අරබයා නිපදවූවක්. “ශ්‍රී ලංකාවේදී මම කරන්න කැමතිම දේවල් 5ක් තිබෙනවා.” ස්ටීව් හැනිෂ් සඳහන් කරනවා “ඒ වගේ ම මේ රටේ තිබෙන විශේෂත්වය තමයි සත්ත්ව විශේෂවල බහුලකම, සිත් ගන්නාසුළු භූ දර්ශන, ඉතිහාසයෙන් පිරී ඉතිරුණු ස්ථාන සහ වඩාත් ම ප්‍රසිද්ධ සිලෝන් තේ!”

අපි ලංකාවෙ තිබෙන බොහෝ දේවල් ගැන දන්නවා වුණත් කාර්යබහුල ජීවිතයෙන් මිදිලා ඒ ස්ථාන නරඹන්න යන්නට වෙන්නේ අවුරුද්දකට සැරයක් වගේ යි. ඩිස්නිලන්තයේ අල්ලපු වැටේ හිටියා නම් හැමදාම එහේ යනවා කියලා හීන මැව්වාට ලංකාවෙ එහා කෙළවරේ තියෙන සුන්දර දේවල් රැසක් අපට මඟ හැරෙනවා. ඒත් අපේ රටේ වර්ණනාවන් අපි ම කියාගන්නවාට වඩා පිටදේශක්කාරයෙක් එහෙමත් නැත්නම් විදේශිකයෙක්ගෙ දැක්ම අනුව බලද්දි ඊටත් වඩා හොඳ හැඟීමක් එනවා. අපිට අගයක් නැති දේවල් ගැන ඔවුන් ඔවුන්ගේ රටේ තිබෙන දේවල්වලට වඩා ඉහළින් තබා කථා කරද්දි ඕනම කෙනෙක්ගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.

මේ වීඩියෝවට සීගිරිය, යාල ජාතික වනෝද්‍යානය, ත්‍රිකුණාමලයේ පරෙවි දූපත, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය සහ නුවරඑළිය එක් කොට තිබෙනවා.

කවරයේ පින්තූරය lanka-houses.com වෙතිනි


මෙය අපට එව්වේ Nimal Pushpakumara විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ගමන් බිමන්

මේවාත් බලන්න

To Top