බටර් කේක් හදන හැටි

loft48.blogspot.com

ඉවුම් පිහුම්

බටර් කේක් හදන හැටි

බටහිරින් අපිට උරුම වුණු තවත් කෑමක් වන බටර් කේක් කන්නට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. උපන්දින සාද, විවාහ උත්සව ආදී ඒ සියළු බටහිර සාදයන් සැමරීමේදී ද නැතුවම බැරි ආහාරයක් වන මෙය ඉතා පහසුවෙන් හදාගත හැකි රසවත් ආහාරයක්. බටර් කේක්, වැනිලා කේක් ආදී විවිධ නම් වලින් මේ කේක් වර්ගය හැඳින්වෙනවා.

එහෙනම් මේ අද ගෙනෙන අාහාර වට්ටෝරුවෙන් “පාන් බැරි නම් කේක් කාපල්ලා”.

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 3
සීනි 150g
ඉරිඟු (පාන්) පිටි 125g
බටර් 60g
බේකින් පවුඩර් තේ හැඳි 1
වැනිලා තේ හැඳි 1
වර්ණක

සාදන ක්‍රමය

බටර් රත් කරගන්න. බේකින් පවුඩර්, සීනි හා බිත්තර සුදුමද සමග ගසා ගන්න*. එයට බිත්තර කහමද සහ සීනි ද එක් කරමින් නැවතත් ගසා ගන්න. හොඳින් දිය වූ පසු පාන්පිටි දමා සෙමෙන් මිශ්‍ර කරගන්න. දියවූ බටර් හා වර්ණක ද එකතු කර සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයක් යටතේ අවන් එකේ බේක් කරගන්න.

* Beat කරන්න


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top