දෙල් බැදීමෙන් සකසා ගත හැකි චිප්ස්

කවරයේ පින්තූරය: freeindianfoodrecipes.com

ඉවුම් පිහුම්

දෙල් බැදීමෙන් සකසා ගත හැකි චිප්ස්

චිත්‍රපටයක් බලද්දී හෝ ගෙදර ඉන්න ගමන් හප හපා ඉන්න රසකාරක දැමූ චිප්ස් වර්ගවලට අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඒවා ඇඟට හොඳ නැහැ වගේ ම දැන් දිවට රස දැනුනත් පස්සෙ කාලෙක පිළිකාවකට රහස වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ ද ගෙදර හැදෙන දෙල් ගහෙන් අපි ම චිප්ස් ටිකක් හදාගත්තොත්?

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක දෙල් ගෙඩියක්
තක්‌කාලි ගෙඩි 1ක්
ලොකු ළූනු ගෙඩි 1ක්
මාළු මිරිස්‌ කරල් 2ක්
කෑලි මිරිස්‌ තේ හැඳි 1ක්
කරපිංචා ස්වල්පයක්
තලාගත් සුදු ළූනු බික්‌ 2ක්
තලාගත් ඉඟුරු කැබැල්ලක්‌
විනාකිරි ස්‌වල්පයක්‌
තෙල් 100ml
ලුණු ස්‌වල්පයක්‌
මිරිස්‌ කුඩු තේ හැඳි 1

සාදන ක්‍රමය

දෙල් ගෙඩියේ පොත්ත ඉවත්කර සිහින් තීරුවලට කපාගන්න. ඊට ලුණු ටිකක් අත ගා ගැඹුරු තෙලේ බදින්න. තෙල් ස්‌වල්පයක්‌ ලිප තබා තලාගත් සුදුළූණු සහ ඉඟුරු බැදගන්න. ඊට තක්‌කාලි, කරපිංචා, මාළු මිරිස්, කෑලි මිරිස්‌, විනාකිරි, වතුර කෝප්ප 1/4 ක්‌ දමා කලවම් කර රත්වන්න හරින්න. දැන් බැදගත් දෙල් එයට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.


මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top