කිරිටොෆි හදන හැටි

Daily Food Recipes වෙතිනි. කවරයේ ඡායාරූපය: elakkiaonline.com

ඉවුම් පිහුම්

කිරිටොෆි හදන හැටි

අළුත් අවුරුද්දට වැඩිපුර කන්න ලැබෙන කිරිටොෆි ඊට එක් කරන දේවල් අනුව අල දෝසි වැනි විවිධ මාදිලිවලින් ද දකින්නට ලැබෙනවා. අතුරුපස ආහාරයකට, තේ සමඟ වැනි අවස්ථාවකදීද අනුභව කිරීමට, ඔෆිස් එකේ යාළුවන්ට ගෙන යන්න වගේ දේකට සුදුසු මේ පැණිරස ආහාරය හදාගන්නා හැටියි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

පැණි කෝප්ප 1
පොල් කිරි කෝප්ප 4
බැදපු පිටි 150g
සීනි 1kg
වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය

පොල් කිරි, පැණි සහ සීනි (හෝ මේ තුන වෙනුවට රසකළ කිරි) සාස්පානකට දමා ළිප තබා හැඳි ගාමින් උතුරුවා ගන්න. ඉටිකිරි පදමට එද්දී පිටි සහ වැනිලා යොදා බාගන්න. නිවෙන්නට හැර, සවි වන්නට පෙර තැටියක තුනී කර කැබලි කපා වෙන් කරන්න.


මෙය අපට එව්වේ Chani J විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top