කට්ලට් හදන්නේ මෙහෙමයි

ඡායාරූපය theflavorbender.com වෙතිනි

ඉවුම් පිහුම්

කට්ලට් හදන්නේ මෙහෙමයි

පොඩි බඩගින්නට වගේ ම දවල් කෑමටත් උචිත ආහාරයක් වන කට්ලට් බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. අඩු වේලාවකින් හදාගන්න පුළුවන් මේ අපූරු ආහාරය බොහෝ රටවල්වල විවිධ ආකාරයේ පිසීමේ ශෛලීන්ගෙන් දකින්නට ලැබෙනවා.

අවශ්‍ය දෑ

තම්බා පොඩිකර ගත් අල 500g
සිහින්ව කපා ගත් ලූණු 200g
සිහින්ව කපා ගත් අමුම්රිස් 50g
සිහින්ව කපා ගත් ඉගුරු සහ සුදු ළූණු 25g
රම්පෙ කරපිංචා
පොඩි කරගත් මාළු හෝ සැමන් 400g
කෑලි මිරිස් 50g
ගම්මිරිස්, ලුණු හා කහ කුඩු ස්වල්පයක්
බිත්තර 4ක්
පාන්කුඩු 500g
තෙල් මිලි ලීටර් 500ml

සාදන ආකාරය

තෙල් ස්වල්පයක් ලිප තබා එයට ඉඟුරු, සුදු ලුණු, රම්පෙ, කරපිංචා සහ අමුමිරිස් එක්කර යාන්තමට බැදගන්න. මාළු හෝ සැමන් දමා ඊට ගම්මිරිස්, ලුණු හා කහකුඩු ස්වල්පයක්  එකතු කරගන්න. තම්බා පොඩිකරගත් අල දමා මිශ්‍රකර ලිපෙන් බාගන්න.

එම මිශ්‍රණය කුඩා බෝල වශයෙන් ගුලි කර, බිත්තර වල තවරා පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.

(නිර්මාංශ අයට මාළු රහිතව මෙන් ම අල වෙනුවට දෙල්, මඤ්ඤොක්කා හෝ බතල වැනි ආදේශකයක් වුවත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මාළු වෙනුවට කටු ඉවත්කර බ්ලෙන්ඩ් කළ මස් වුවත් වැඩි රසයක් එක් කරනවා.)


මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top