බයිට් එකට ඩෙවල් චිකන් හදාගන්නා හැටි

YAMU වෙතිනි

ඉවුම් පිහුම්

බයිට් එකට ඩෙවල් චිකන් හදාගන්නා හැටි

ලංකාවේ සාදවලදී අනිවාර්යයෙන් ම දකින්නට ලැබෙන ඩෙවල් චිකන් ගෙදරදීම හදාගන්න හැටි තමයි මේ කියලා දෙන්නේ. බොහෝ දෙනෙක් ඊට ආසා නමුත් හදාගන්න දන්නෙ නැති නිසා පොඩි බඩගින්නට කන්න වුණත් එ් ගැන හීන මව මවා ඉන්නවා විතරයි. ඒත් ඒ අන්තිම දවස අද යි.

මෙය සකසා ගන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය මේවා යි:

  • කුකුළු මස් 500g
  • කහ කුඩු මේස හැඳි 1/2
  • සුදුලූණු පේස්ට් මේස හැඳි 2
  • මිරිස් කුඩු මේස හැඳි 2
  • ලුණු මේස හැඳි 1
  • තක්කාලි සෝස් මේස හැඳි 4
  • මිරිස් සෝස් මේස හැඳි 4
  • ගම්මිරිස් මේස හැඳි 1

ඒ සියල්ල එකට දමා හොඳින් කලවම් කරගන්න. දැන් තාච්චියක් ලිප තබා,

  • බැදගැනීමට තෙල් මේස හැඳි 4
  • ලූණු ගෙඩි 1/2
  • කපාගත් තක්කාලි ගෙඩි 2

එක්කර ඊට ඉහතදී කලවම් කරගත් මස් එකතු කරගෙන විනාඩි 10ක් පිසගන්න.

ඉන්පසු අඬු කෝප්ප 1/2ක් පමණ ජලය එක්කර සිඳගන්න. ඊට සීනි මේස හැඳි 2ක් දමා අවශ්‍ය ලෙස පිළිගන්වන්න.


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top