බේක් නොකර බිස්කට් වලින් කේක් එකක් හදන්නේ මෙහෙමයි

Tasty වෙතිනි

ඉවුම් පිහුම්

බේක් නොකර බිස්කට් වලින් කේක් එකක් හදන්නේ මෙහෙමයි

කේක් හදන එක ලේසි වැඩක් නෙවෙයි. නුපුරුදු කෙනෙක්ට අනුව සරලව කිව්වොත් ඒක නම් පිටිත් එක්ක කරන මහා සංග්‍රාමයක්. ඒත් ලේසියෙන් ම හොයාගන්න පුළුවන් බිස්කට් වලින් ඕනම කෙනෙක්ට තනියම හදාගන්න පුළුවන් කේක් වර්ගයක් ගැනයි මේ වීඩියෝව. හොඳම දේ, මේවා බේක් කරන්නට අවශ්‍ය නැහැ.

මෙහිදී ලේයර දෙකක් සහිත ඔබ කන්න කැමති ක්‍රීම් බිස්කට් වර්ගයක් තෝරාගන්නට ඕන. වෙළඳපොළේ මෙවන් බිස්කට් වර්ග බොහොමයක් තිබෙනවා වගේ ම ඒ වර්ගයේ ඇතැම් ඒවායෙන් මේ වැඩේට ගැලපෙන හොඳ රසක් නැහැ. ඒ නිසා තමන්ගේ රස කැමැත්තේ හැටියට හොඳ බිස්කට් එකක් තෝරාගන්න.

සාදාගන්නා ආකාරය

  1. පළමුවෙන් බිස්කට්වල ක්‍රීම් කොටස වෙන්කර වෙන ම භාජනයකට දමන්න.
  2. ඉන්පසු බිස්කට් ටික කුඩු කරගන්න.
  3. එයින් ටිකකට දියකරන ලද බටර් දමා කළවම් කර බඳුනක ලේයරයක් මෙන් සකසන්න.
  4. දැන් ඉවත් කරගත් බිස්කට් ක්‍රීම් කොටස් ක්‍රීම් චීස් (උචිත බව අනුව කැමති චීස් වර්ගයක් ගන්න. තෙල් ගතිය අඩු, කිරි ගතිය වැඩි ඒවා නම් හොඳයි.) වලට සීනි අවශ්‍ය පමණට සහ වැනිලා ස්වල්පයක් සමඟ කළවම් කර එය දියවන තෙක් හැඳිගාගන්න.
  5. ඉන්පසු උණු කිරිවලට ජෙලටින් ස්වල්පයක් දමා දියකර ඉහත බඳුනට ම දමා දිය කරගන්න.
  6. එය මුලින් සකසා ගත් බටර් මිශ්‍රිත බිස්කට් ලේයරයට උඩින් වත් කරන්න.
  7. දැන් උඩ ලේයරය වශයෙන් ඉතිරි බිස්කට් කුඩු ටික ඉසින්න.
  8. පැය 4කට වඩා වැඩි කාලයක් ශීතකරණයේ තබන්න.
  9. දැන් බල බලා ඉන්නෙ නැතුව ඕක කන්න!
  10. තනියම කන්න එපා. දැනටමත් ඉවරනම් කමක් නෑ.

මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top