වම්බටු මෝජු හදන හැටි

freshfood.lk වෙතිනි.

ඉවුම් පිහුම්

වම්බටු මෝජු හදන හැටි

ගොඩක් දෙනෙක් දානෙ ගෙවල්, මඟුල් ගෙවල් වලදී හමුවෙන මේ රසවත් ආහාරයට ගොඩක් ප්‍රිය කරනවා. ඒ වගේ ම නිසිආකාරව හදාගෙන පරිස්සම් කරගත්තොත් දින කිහිපයක් තියාගෙන වුණත් කන්නට පුළුවන් නිසා කාර්යබහුල අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

රතු ලූණු, අමු මිරිස්, සුදු ලූණු, සීනි වැනි ඉතා පහසුවෙන් ලබා ගත හැකි දේවලින් හදන වම්බටු මෝජුවල දිව පිනවන රසයට විනාකිරිත් වග කියනවා. ඒ නිසා ම කල් ගත වෙත් ම මෙහි රස තවත් වැඩි වන බවයි බොහෝ දෙනෙක් පවසන්නේ. ඒ නිසා හදාගත්තු මොහොතේ ම කනවාට වඩා ඊට දමන ලූණුවලට හොඳින් විනාකිරි ආදිය උරා ගැනීමට ඉඩ තබා පසුව ආහාරයට ගත්තොත් වැඩි රසයක් විඳින්නට පුළුවන් වේවි. මෙහි පෙනුම වැඩි කරගන්නට නම් අනිවාර්යයෙන් ම පොඩි අමු මිරිස් කරල් කීපයක් සහ නොකැපූ ලූණු පෙනෙන්නට තිබීම වැදගත්.

 


මෙය අපට එව්වේ SameeRox විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top