ඡායාරූප පැණය: අත් පළඳනාවේ අභිරහස

හැකිනම් විසඳන්න

ඡායාරූප පැණය: අත් පළඳනාවේ අභිරහස

ෂර්ලොක් හෝම්ස් මිනිස්සුන්ගේ හැඩහුරුකම්, අතේ තිබෙන දේවල්, සපත්තුවල මඩ ගෑවුණු බව වැනි බොහෝ දේ ගැන අධ්‍යයනය කොට අභිරහස් විසඳන බව දන්නවානෙ. ඔන්න ඔබටත් ඒ සඳහා අවස්ථාවක් තිබෙනවා. අපි මේ ඉදිරිපත් කරන ඡායාරූපය හොඳින් අධ්‍යයනය කර අභිරහස විසඳන්න.

එය හිරු හොඳින් පායා තිබූ දිනයක්. ගඟක් අසබඩ නිදහසේ ඉන්නට පැමිණි පොලිස් නිලධාරියෙක්ට එක්වරම ස්ත්‍රියකගේ විලාපයක් ඇසුණා.

ඒ වෙත දිවගිය ඔහුට අඬමින් සිටි යුවතියක් දකින්නට ලැබුණා. “මොකක්ද වුණේ?” ඔහු ඇසුවා. “කලබල නොවී මට වුණු දේ කියන්න.”

“අංකල්ට නම් ලේසියි කියන්න.” ඇය හඬමින් කීවා. “මම වැඩියෙන් ම කැමති බ්‍රේස්ලට් එක නැතිවෙලානෙ බලන්නකො. මම හැමදාම මෙතනට එනවා. නිදහසේ වාඩිවෙලා පොතක් කියවගෙන ඉන්නවා, කවදාවත් මෙහෙම කරදරයක් වෙලා නැහැ. අද මම බ්‍රේස්ලට් එක පොත උඩින් තියලා ටිකක් හාන්සිවෙලා ඉඳිද්දි ටිකක් නින්ද ගිහින්. නැගිටලා බලද්දි බ්‍රේස්ලට් එක නැහැ.

පොලිස් නිලධාරියා හොඳින් කල්පනා කළා. ඇය අසල කිසිම කෙනෙක් පෙනෙන්නට සිටියේ නැහැ. හොඳින් පරීක්‍ෂා කළ ඔහුට ඇය අසලට කිසිවෙක් ආපු බවට වැල්ලේ අඩි සටහනක්වත් තිබුණේ නැහැ. තිබුණේ ස්ත්‍රියගේ සපත්තු වර්ගයේ අඩිය සහ තමාගේ ඒවා පමණයි. ඔහුට පෙනී ගියේ නිතර මෙහි පැමිණෙන කෙනෙක් මෙය කරන්නට ඇති බවයි. ඒ වනවිටත් යුවතියගේ හඬට ඒ අසල සිටි සියළු දෙනා පාහේ එතැනට පැමිණ සිටියා. ඔවුන් දෙස බලමින් ඔහු හොරා අල්වා ගත්තා.

ඔබ සිතන පරිදි මෙය කරන්නට ඇත්තේ ඒ අතරින් කවුරුන් ද?

7958260-2-0-1480577312-1480577321-650-45f382107a-1-1480686167

ඡායාරූපය BrightSide වෙතිනි.


පිළිතුර:

වැල්ලේ කිසිම පා සටහනක් ඉතිරි නොකර යා හැකි කිසිවෙක් වේ නම්, ඒ තමයි බිලී පිත්ත අතේ තබාගෙන ඉන්න කෙනා. සැකකරු ඔහු යි.


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හැකිනම් විසඳන්න

මේවාත් බලන්න

To Top