කීබෝඩ් එක අල්ලන්නෙවත් නැතිව ටයිප් කරන්න

නව නිපැයුම්

කීබෝඩ් එක අල්ලන්නෙවත් නැතිව ටයිප් කරන්න

විවිධ උපාංග දියුණු වෙමින් ඉදිරියට ගියත් ඒවායේ ටයිප් කිරීමට තවමත් හොඳ විසඳුමක් ලැබී නැහැ. ස්පර්ශ සංවේදක තිරවල ටයිප් කිරීමට තවමත් බොහෝ දෙනෙක් අකමැත්තක් දක්වන්නේ ඉන් ටයිප් කිරීම පිළිබඳ හොඳ හැඟීමක් ඇඟිලි තුඩුවලට නොදැනීම නිසා යි. ඒත් මේ එහෙම අයට හොඳ විසඳුමක්.

බ්ලැක්බෙරි වැනි දුරකථනවලත් පසුකාලීන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලත් මේ නිසා ම භෞතික කීබෝඩ් අඩංගු කොට තිබුණත් ඊට වැයවන ඉඩ ප්‍රමාණය නිසා දුරකථනයේ ප්‍රමාණය තවත් විශාල වෙනවා. එනිසා එය ද සාර්ථක විසඳුමක් නොවුණු නිසා නූතන සමාගම් ස්පර්ශ සංවේදක කීබෝඩ් ම භාවිතයට පෙළඹී තිබෙනවා. මේ අවශ්‍යතාව ඇති අය සඳහා ම පරිගණක සඳහා ද දැන් යාන්ත්‍රික යතුරුපුවරු නිපදවන අතර ඒවායෙන් ඉතා පැරණි පරිගණක සමඟ පැමිණි යතුරුපුවරුවල මෙන් ටයිප් කිරීමේදී හඬක් නැගෙනවා.

මේ ටැප් ස්ට්‍රැප් කියන්නේ අඩු ඉඩක් භාවිතා කරමින් ඕනෑ ම උපාංගයක් සමඟ සම්බන්ධවී ටයිප් කරන්නට උපකාරී වන අත් පළඳනාවක්. ඔබට කරන්නට තිබෙන්නේ එය අතේ පැළඳගෙන තට්ටු කිරීම යි. එවිට එය ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ ලියවෙනවා. පැරණි දුරකථනවල මෙන් මේවායේ ද එක් ඇඟිල්ලකට අකුරු කිහිපයක් තිබෙන අතර ඉංග්‍රීසි භාෂාවේ ස්වර වන A, E, I, O, U යන අක්‍ෂර පහ ඇඟිලි පහට ලබාදී තිබෙනවා. ඇඟිලි දෙකක් එකවර භාවිතයෙන් කෙටිමං (shortcut) භාවිතා කරන්නත් පුළුවන්.


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top