එහා පැත්ත පෙනෙන රූපවාහිනී යන්ත්‍රයක් පැනසොනික් වෙතින්

කවරයේ පින්තූරය: mshcdn.com

අරුම පුදුම

එහා පැත්ත පෙනෙන රූපවාහිනී යන්ත්‍රයක් පැනසොනික් වෙතින්

විවිධ ප්‍රමාණවල සහ විවිධ හැඩයන්ගෙන් යුතු පරිගණක සහ රූපවාහිනී තිර අතරේ සම්පූර්ණයෙන් ම පාරදෘෂ්‍ය රූපවාහිනී තිරයක් නිපදවන්නට පැනසොනික් සමාගම සමත්ව තිබෙනවා.මේ වසරේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ (CES) පුළුල් තිරයකින් යුතු මෙම රූපවාහිනිය පොත් රාක්කයක ඉදිරියෙන් තබා තිබුණු අතර එහි පිටුපස රාක්කයේ තිබුණු සියළු ම දේවල් මෙම ඒ හරහා දකින්නට ලැබෙන තරම් පාරදෘෂ්‍යතාවක් එහි තිබුණා. ශරීර අංගචලන අනුව ක්‍රියාත්මක කළ හැකි මෙම රූපවාහිනිය ක්‍රියාත්මක වීමේදී ද අවශ්‍ය කොටසෙහි පමණක් පසුපස කළු පැහැගැන්වෙමින් රූප දර්ශනය කරන නිසා පසුපස තිබෙන දේවල් එවන් අවස්ථාවලදී සම්පූර්ණයෙන් ම නොපෙනී යන්නේ නැහැ. තුනී බවින් ද අගතැන්පත් මේ රූපවාහිනිය ඉතා අවම ඉඩ ප්‍රමාණයක් භාවිතා කරනවා වගේ ම නරඹන්නේ නැති වෙලාවට ගෙදර රූපවාහිනියක් තිබෙනවාද කියාවත් ඔබට අමතකව යනවා නිසැක යි.

gallery-1452875538-panasonic-transparet-tv-off-1024x576

ඡායාරූපය housebeautiful.cdnds.net වෙතිනි


මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top