නින්දෙදි ගොරවන අයට විසඳුමක්: සයිලන්ට් පාට්නර්

Silent Partner වෙතිනි

නව නිපැයුම්

නින්දෙදි ගොරවන අයට විසඳුමක්: සයිලන්ට් පාට්නර්

ඔබ ගොරවන්නේ මොන ක්‍රමයට ද? කියතක් වගේ, මෝටර් බයිසිකලයක් වගේ විතරක් නෙවෙයි සමහර විට Star Warsහි ඩාර්ත් වේඩර් වගේ වෙන්නත් පුළුවන්. ඒත් මේ Silent Partner උපකරණය නිසා අපේ අවට ඉන්නා අයට නම් තවදුරටත් ඔබේ ගොරවන හඬ ඇහෙන එකක් නම් නැහැ.

නින්දෙදි ගොරවන එක තමන්ට ප්‍රශ්ණයක් නෙවෙයි, මොකද නිදාගත්තාම හෙණ ගැහුවත් අපි දන්නවයැ? ඒත් කාමර හතරක් විතර එහා ඉන්න කෙනෙකුටයි, අභ්‍යවකාශයේ ඉන්න ගගනගාමියෙකුටයි ගොරවන සද්දෙ ඇහෙන්න ගත්තොත් ලෝකෙ පෙරළෙන්න එනවා කියලා ඔවුන් භය වෙනවා සත්තයි.

මේ උපකරණය එහි ඇති සමට ආසාත්මිකතා ඇති නොකරන සහ දිගුකල් භාවිතා කළ හැකි කොටස්වලින් නාසය දෙපසින් අලවා ගත්තා ම නාසයෙන් නික්මෙන ගෙරවුම් ශබ්දයට සමාන ප්‍රතිවිරුද්ධ ශබ්දයක් ඇති කරනවා. ඉන් ශබ්ද දෙක ම එකිනෙක නිශේධනය කරගන්නා නිසා අඟල් අටකින් පමණ පිටත ස්ථරයක් දක්වා නිශ්ශබ්ද කලාපයක් ඇති කරවනවා. ඉතින් එයින් පිටත ඉන්නා කිසිවෙකුටත් තවදුරටත් අපේ ගොරවන හඬ ඇහෙන්නේ නැහැ.

නින්දෙදි ගොරවන අය ගැන අත්දැකීම් තිබෙනවා නම් අපිත් එක්කත් බෙදාහදා ගන්න අමතක කරන්න එපා!


මෙය අපට එව්වේ SameeRox විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top