රොබෝවරුන් බවට හැරෙන මෝටර් රථ නිපැයීම ඇරඹෙයි

අරුම පුදුම

රොබෝවරුන් බවට හැරෙන මෝටර් රථ නිපැයීම ඇරඹෙයි

මයිකල් බේ විසින් අධ්‍යක්‍ෂණය කළ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවේ තිබුණු රොබෝවරුන් බවට හැරෙන කාර් රථ ඇත්ත ජීවිතේදි දකින්න ලැබේවි කියලා ඔබ හිතුවා ද? තුර්කියේ ආයතනයකට ඊට පිළිතුරු තිබෙනවා.

Letvision නම් මෙම ආයතනය විසින් BMW කාර් රථයක් දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි සේ සකසා එ් හරහා ම රථය රොබෝවෙක් බවට හැරෙන සේ සකසා තිබෙනවා. Letrons ලෙස නම්කර ඉංජිනේරුවන් සහ සහාය කාර්මික ශිල්පීන් 12 දෙනෙක්ගෙන් යුත් මෙම කණ්ඩායම මාස 8ක් තිස්සේ නිපදවන ලද මෙම ආකෘතියට තවම ඇවිදීමේ හැකියාව නම් නැහැ. ඒ සඳහා අවශ්‍ය ආයෝජන ලැබුණොත් ඒ බවට ද මෙය පත් කළ හැකි බව පවසන ඔවුන් රතු වර්ණය හැරුණා ම වෙනත් වර්ණ රැසකින් සහ මාදිලි රැසකින් ද මෙම නිශ්පාදන කිරීමට බලාපොරොත්තු වන බවයි දැනගන්නට ලැබෙන්නේ.


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top