ගෙදර උදව්වට රොබෝවෙක්

නව නිපැයුම්

ගෙදර උදව්වට රොබෝවෙක්

ගෙදර වැඩට කෙනෙක් අරගෙන තියෙන ප්‍රශ්ණ ටික තවත් වැඩි කරගන්නවා වෙනුවට කොහොමද ළමයි ටිකත් බලාගෙන ගෙදරත් බලාගෙන ඉන්න පුළුවන් රොබෝවෙක් ගෙදර ඉන්නවා නම්? “අයිඩෝ” ලෙසින් නම් කර ඇති මේ රොබෝව නම් ඊට හොඳට ම ගැලපෙනවා.

මුළු නිවසම සිතියම් ගත කරගෙන මතක තබාගෙන ඉන්න මේ රොබෝවා ගෙදර අය මෙන් ම පිටස්තරයින් වෙන් කොට හඳුනාගැනීමේ හැකියාවෙන් යුතු අතර හඬ සඳහා ද ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබෙනවා. රාජකාරී සමඟ කාර්යබහුල ඔබ කාර්යාලයේ ඉඳිද්දී ළමයින්ට හොඳින් උගන්වා ඔවුන්ව ඇඳට එක්කගෙන ගිහින් නින්ද යන තෙක් කථාන්දරයක් කියා දෙන්නත් අයිඩෝට පුළුවන්. දරුවන්ට විතරක් නොවෙයි, ඔබට වුණත් කාර්යාල ඇමතුමක් ගන්නට, වයිරල් වෙබ් අඩවිය බල්නනට අයිඩෝ සතුව ඇති ප්‍රොජෙක්ටර සහ කැමරා භාවිතා කරන්නට පුළුවන්.


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top