අපි දවසක කළ හොඳ දේ අනිවාර්යෙන් ම අපිව රකිනවා: දුන් දේ සුවඳයි

Amazinglife 247 වෙතිනි. කවරයේ පින්තූරය: huffpost.com

හිතමු හැදෙමු

අපි දවසක කළ හොඳ දේ අනිවාර්යෙන් ම අපිව රකිනවා: දුන් දේ සුවඳයි

“කළ හොඳ පස්සෙන් එළවනවා” කියන කතාව ඇනුම් පදයක් වුණත් අපි දවසක කරපු හොඳ දේවල් පස්සෙන් පන්නා ගෙන ඇවිත් අපේ ජීවිතය වුණත් බේරන්න පුළුවන් කියන දේ ගැන හොඳ කෙටි චිත්‍රපටයක් තමයි මේ ඔබට ගෙන එන්නේ.

ඉතිරිය කියවන්න කලින් කථාව බලලා ඉන්න.

** අවවාදය: බැලීමට පෙර කථාව **

එක් දුප්පත් දරුවෙක් බෙහෙත් වගයක් හොරකම් කරලා අසුවෙනවා.

“ඇයි ඔය ළමයා බෙහෙත් හොරකම් කළේ?”

– මගේ අම්මාට දෙන්න.

එහෙත් ඒ ගැහැණිය දරුවාට සමාව දෙන පාටක් නැහැ. මේ අතරේ අසල සුප් කඩයක වෙළෙන්දෙක් මේක දැකලා ඇවිත් දරුවාට අනුකම්පා කරලා ඊට අවශ්‍ය මුදල් කාන්තාවට ලබා දීලා තමන්ගේ කඩෙන් සුප් ටිකකුත් දෙනවා. ඒකට ඔහුගේ කුඩා දුවගේ නම් කැමැත්තක් පෙනෙන්නට නැහැ.

ඊට අවුරුදු 30කට පස්සේත් මේ වෙළෙන්දා තමන්ගේ කඩයට එන දුප්පත් අයට කන්නට යමක් දෙනවා. ඒත් හදිසියේ ම ඔහු රෝගාතුරවී රෝහල් ගත කරනවා.

ඔහු ඇඳ මත සිටියදී ඔහුගේ පසෙකින් ඔහුගේ දුව ද සිටිනවා. ඇය දැන් තරුණියක්. සුප් වෙළඳසලේ ආදායම පමණක් තිබෙන නිසා තමන්ගේ අතට ලැබෙන රෝහල් බිල ගෙවා ගන්නට වත්කමක් නැතිව ඇය හඬ වැළපෙනවා. මේ නිසා ම වෙළඳසල විකුණන්නටත් ඇය තීරණය කරනවා.

නමුත් පසුදින නැවත ඇගේ අතට රෝහල් බිල ගෙවන ලදැයි රිසිට් පතක් ලැබෙනවා. එහි මෙහෙම සඳහන් වෙනවා:

“ඔහුගේ රෝහල් බිල මීට අවුරුදු තිහකට පෙර ඖෂධ කිහිපයකින් සහ සුප් එකකින් ගෙවන ලදී. මීට, වෛද්‍ය ප්‍රජාක් අරුන්තන්”


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top