ඔළුවේ කැක්කුමට ගන්න ප්‍ර‍තිජීවක අන්තිමට ඔළුවේ කැක්කුමක් වෙන හැටි

අදහස සහ අධ්‍යක්‍ෂණය: ප්‍රමෝද් රත්නායක. සහාය අධ්‍යක්‍ෂණය: ඉන්දික පෙරේරා. කවරයේ පින්තූරය: treehugger.com

හිතමු හැදෙමු

ඔළුවේ කැක්කුමට ගන්න ප්‍ර‍තිජීවක අන්තිමට ඔළුවේ කැක්කුමක් වෙන හැටි

බොහෝ වෙළඳ දැන්වීම්වලින් අපිට කියන්නේ හිසේ අමාරුවක් ද? එහෙනම් බොන්න! කියලා. ඒත් ඉතින් ප්‍ර‍තිජීවක ඖෂධ තිබෙන්නේ එහෙම හිතුමතේට බොන්නට නොවෙයි. එහෙම කළොත් වෙන්නේ ඇත්තට ම අපිට ලෙඩක් හැදුනු වෙලාවක ඒකට ප්‍ර‍තිචාර දක්වන්නට ඇති හැකියාව අපේ කයෙන් අහිමිවී යන එකයි. කැලණිය විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන මේ වීඩියෝව කම්මලේ බල්ලෙක් බවට පත්වන ඔබේ කය ගැන අපූරුවට කියාදේවි.

ඖෂධ බොන්නට ඕනෑ වෛද්‍යවරයෙක් විසින් අනුමත කිරීම අනුවයි. එහෙම නැතිව හැදෙන හැදෙන පොඩි ලෙඩේටත් ප්‍ර‍තිජීවක බොන්නට ගියොත් “කොටියා කෑවෝ” කතාවෙදි වගේ කොටියා ආවාම අපිව බේරගන්න ගමේ මිනිස්සු එන්නේ නැහැ. ඒ නිසා පොඩි දේවල්වලට ඇඟ රවටන්නේ නැතිව අභියෝගවලට සූදානම් වෙන්න ඊට ඉඩ හරින්න. කුඹුරුවල නැහුණු අපේ සීයලා කවදාවත් ලෙඩ වුණාට ඕවා බිව්වේ නැහැ. ඒත් ඒ/සී කාමරයේ ඉන්න ඔබට මේවා දැන් නැතුවම බැරිවෙලා. ඉතින් ඒ ගැන හිතන්න කාලය හරි.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ ප්‍රමෝද් රත්නායක සහ ඉන්දික පෙරේරා විසින් නිපදවා අපිට එවා තිබූ මේ අපූරු වීඩියෝව සමාජයට හොඳ පණිවිඩයක් ගෙන එනවා.


මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top