දිවිය දිනන දිරිය මවකගේ සහ දුවකගේ කෙටි චිත්‍රපටයක්

Nikon Motion වෙතිනි

හිතමු හැදෙමු

දිවිය දිනන දිරිය මවකගේ සහ දුවකගේ කෙටි චිත්‍රපටයක්

සත්‍ය කතාවක් ඇසුරින් නිපදවා ඇති මෙම විනාඩි 2ක් පමණ සුළු කාලයක දිවෙන මෙම චිත්‍රපටයේ ජීවිතය ජය ගන්නට අත්දැකීම් ඇසුරින් ඉගෙන ගත යුතු හැටි කියවෙනවා. දුප්පත් මවක් තමන්ගේ ධෛර්යයෙන් ජීවිකාව රැකගන්නා ගමන් තමන්ගේ දරුවාටත් ඒ ගැන පුරුදු කරන හැටි මේ කතාවේ ඇතුලත්.

පළතුරු කඩයක වෙළෙන්දියක් වන මේ මව ඒ.වී. සුරවීරයන් විසින් රචිත ගොදුරු ලොබ පොතේ එන “අපටත් දවසක ඉර පායාදෝ” කතාවේ සිටින සිරියාවතී සහ ඇගේ මව සිහිපත් කරවනවා. මේ මව විශේෂයි. ඇය තමන්ගේ දරුවාට පාඩම් කියා දෙන්නේ මුලින් තමන් ආදර්ශමත් වෙලා, ඊට පස්සේ සමාජයෙන් හොඳ දේවල් උකහා ගන්නා හැටි දරුවාට උගන්වලා යි. එවිට දරුවා තේරුම් ගන්නවා තමන් යන්න ඕන කොයි පාරෙද කියලා.

හැඳි නොගා හදන හොද්ද රස නැහැ තමයි. ඒත් හොද්ද හැඳි ගානවා කියලා මුට්ටිය බිඳ ගත්තොත් වෙන්නේ සිදුරු වුණු බඳුනකට ජීවිත කාලෙ ම වතුර පුරව පුරවා ඉන්නට තමයි. ඉතින්, දරුවන්ට තරවටු කරනවා වෙනුවට ඒක වෙනස් විධියකට පෙන්වා දුන්නොත් ඔවුන් එය හොඳින් තේරුම් ගනීවි. දවසක ඒ කරුණාව ඔබටත් දක්වාවි.


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top