ජීවිතය සහ මරණය ගැන නූල් චිත්‍රපටයක්

Ainslie henderson විසිනි

හිතමු හැදෙමු

ජීවිතය සහ මරණය ගැන නූල් චිත්‍රපටයක්

නූල් වලින් කරන ලද ඉදිරිපත් කිරීම් ලෙස අපි නිරතුරුව ම දැකලා තිබෙන්නේ අපේ අගනා සංස්කෘතික අංගයක් වන රූකඩ කලාව යි. ඒත් මේ නම් තාක්‍ෂණික ප්‍රයෝග උපයෝගී කරගෙන නිර්මාණය කළ අගනා කෙටි චිත්‍රපටයක්. Moving On ලෙස නම් කර ඇති මෙහි ජීවිතය සහ මරණය පිළිබඳව පුනර්භවය ද පාදක කර ගනිමින් හිතන්නට යමක් ද එක් කොට නිර්මාණය කොට තිබෙනවා.

බටහිර විද්‍යාව අනුව බැලුවත්, බොහෝ දේවල් වල දෙපස අනිවාර්යයෙන් ම සමාන වෙනවා. ක්‍රියාවන්ට සමාන සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් ඇතිවීම, පදාර්ථය විනාශ කළ නොහැකි බව මෙන් ම මැවිය නොහැකි බව ආදී දේවල් වලින් පැහැදිලි වන්නේ මේ සියළු දේ ම එකක් අනිකක් බවට පත් වෙමින් ගලා යන බව යි. ඒ අනුව එක් අයෙක් මැරෙද්දී තවත් තැනෙකින් උපතක් සිදුවීම සිදු නොවුණොත් ලෝකයේ පැවැත්මක් ඇති වෙන්නේ නැහැ.

මේ ගැන කථා කරනවා නම් පැය ගණන් වුවත් කථා කරන්නට පුළුවන්. ඒත් එ් සම්ප්‍රප්පලාප කෙස් පැලෙන තර්ක වලට වඩා මැරෙන බව දැනගෙන හොඳින් ජීවත් වීමයි වැදගත්.


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top