සිතන්නට යමක් එක් කරන කාටූන් 5ක්

Bored Panda වෙතිනි

හිතමු හැදෙමු

සිතන්නට යමක් එක් කරන කාටූන් 5ක්

බෙන් කැමරන් නම් කාටූන් ශිල්පියා විසින් ඇඳ ඇති මෙම සිතුවම් එකවර බැලුවාම ලස්සන නමුත් හදිස්සි වෙන්න එපා, ඒවා අපි නොසිතන විවිධ පැතිවලින් සිතට දුක දනවනවා. එදිනෙදා දකින දේවල් ද ඇතුලත් කරගනිමින් ඊට පණ පොවා ඇති මේවා අඳින්නට ඔහු අරඹා ඇත්තේ විනෝදාංශයක් ලෙසයි.

අවුරුදු 4කට පෙර කම්මැලිකම නැති කරගන්නට මේවා කුරුටු ගාමින් සිටි ඔහු මේවන විට “Tragidoodles” නමින් මේවා ඇතුලත් පොතක් ද පළ කරන්නට සමත්ව තිබෙනවා.

1. අලින්ට අමතක කළ නොහැකි අලි මතකයක් තිබෙනවා

අමතක වීම ලෙඩක් යැයි සලකන නමුත් ඒ නිසා අපේ ජීවිතේ වුණු කොයිතරම් දුක් සහගත දේවල් ඉන් අපිට අමතකව ගිහින් අළුතෙන් ලැබෙන දේවල් එක්ක සතුටෙන් ඉන්න ලැබෙනවානෙ. ඒත් අලියන්ට නම් නලියන්ට හොඳ මතකයක් තිබෙනවා. තමන්ට කරදරයක් කළ කෙනෙක්ට වගේ ම උදව්වක් කළ අයෙක් වුවත් අවුරුදු ගණනාවකින් හමුවුවත් ප්‍රතිචාර දක්වන්නට ඔවුන්ට පුළුවන්. අලින්ට ලුණු දුන්නා ම තවත් හොඳින් අපව මතක තබා ගන්නා බවට ද මතයක් තිබෙනවා.

tragic-comics-sad-tragidoodles-ben-cameron-6-582c13ed69b69__880

2. අනේ මාත් එනකම් ඉන්න

පිහාටු ලැබුණා ම අපිත් එක්ක එකට ම හිටපු බොහෝ දෙනෙක් ඈතට ඉගිලිලා යන්නේ අපි කියලා කෙනෙක් හිටියා ද කියලාවත් දන්නෙ නෑ වගේ යි.

tragic-comics-sad-tragidoodles-ben-cameron-23-582c140c1146c__880

3. එයාලා ආයේ ආවෙ නෑ. ඒ කියන්නේ එතන අපූරු තැනක් වෙන්න ඇති

“කොළඹ හරිම නපුරුයි අම්මේ” කියනවානෙ. මේ විධියට තමන්ගේ ගම් රට දාලා කොළඹ, මැද පෙරදිග ආදී රටවල් වලට ගිය බොහෝ දෙනෙක් විඳිනා දුක ගම්වල සිටින කවුරුවත් දන්නේ නැහැ. ඒත් සෑම නව පරම්පරාවක් ම හිතන්නේ එහි යෑම මහා අපූරු දෙයක් කියා යි.

tragic-comics-sad-tragidoodles-ben-cameron-3-582c13e6ac415__880

4. මගේ රන්කඳ, අන්ධ මට දැන් පාර පනින්න පුළුවන් ද?

මෙය අමරසිරි පීරිස් ශූරීන්ගේ ඉරිතැලුණු වළා ගීතයේ එන “වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවි – නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා” යන පද පේළිය සිහි ගන්වනවා. ඒත් මේ නරියාට කණවැල ඇල්ලූ බිරිය නම් පාරේ ඇති මුදු තාර සමඟ එක්ව ඇති ආකාරය ඔබට පෙනේවි.

tragic-comics-sad-tragidoodles-ben-cameron-14-582c13fcbf474__880

5. “අම්මේ, නුඹ මං එනතුරු ඉඳිකඩ නොහිඳ මෙහි එන බව මම දැනගෙන හිටියා”

– උගුලකට හසුවූ පැටවෙක්

tragic-comics-sad-tragidoodles-ben-cameron-27-582c1412f21a0__880


මෙය අපට එව්වේ Akshika Nilmini විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top