තාත්තා කරදරයක් ද? පොඩි කාලේ පුතාත් එහෙමයි

YouTube / lanahamdan වෙතිනි

හිතමු හැදෙමු

තාත්තා කරදරයක් ද? පොඩි කාලේ පුතාත් එහෙමයි

අඩු වයසත්, වැඩි වයසත් දෙක ම එක ම වගේ කියන එක හොඳින් පැහැදිලි වන බව සහ දෙමව්පියන් දරුවන් වෙනුවෙන් කරන කැපවීම වයසින් වැඩි වෙද්දී දරුවන්ට අමතකව යන හැටි පිළිබඳව කියැවෙන සංවේදී කථාවක් තමයි මේ කථාවෙන් ගෙන එන්නේ. මේ කෙටි චිත්‍රපටය “What is that?” ලෙසින් නම් කර තිබෙනවා.

සත්‍ය චරිත දෙකක් පමණක් සහභාගී කරවා ගැනීමෙන් නිපදවා ඇති මේ කෙටි චිත්‍රපටියේ ගේ කුරුල්ලෙක් හෙවත් තවත් තෙවන චරිතයක් තිබෙනවා. එය උපයෝගී කරගෙන තාත්තාගේත්, පුතාගේත් අපූරු කථාවක් ගෙන එන මේ කථාව බලන ඕනෑම කෙනෙක්ට තමන්ගේ තාත්තා, අම්මා අපි වෙනුවෙන් කොයි තරම් කැපවීමක් කරලා තිබෙනවාද කියන එක තේරුම් ගනීවි. අපි කොයි තරම් දේවල් පොඩි කාලේ ඉල්ලලා අඬලා තියෙනවාද? ඒත් අපිව කරදරයක් කියලා කවදාවත් අපිව පැත්තකට කරලා නොතබපු ඔවුන් වයසට ගිහින් පොඩි දෙයක් ඉල්ලුවත් සමහරුන්ට තරහා යනවා ඇති. ඔබත් වයසට යනවා. එදාට ඔබටත් එහෙම දවසක් එනවා!

** නිවේදනය: මෙහි එන කථාව පසුව සඳහන් වෙනවා **

තාත්තා කෙනෙක් සහ පුතෙක් එළිමහනේ වාඩිවෙලා ඉන්නවා. එවිට එතැනට ගේ කුරුල්ලෙක් පැමිණ අතුවල සහ බිම නිදහසේ සැරිසරනවා. පියා තම පුතාගෙන් ඒ කුරුල්ලා මොකෙක්දැයි හත් අට වරක් අහනවා. මින් පීඩාවට පත්වන පුතා මේ මොන කරදරයක්දැයි තාත්තාට බැණ වදිනවා. එවිට නිවසට පිය නගන තාත්තා තමන්ගේ දිනපොත ගෙනැවිත් පුතාට දෙනවා. එහි තිබෙන්නේ:

“අද අවුරුදු තුනක් සපිරූ මගේ පොඩි ම පුතා එක්ක මම උද්‍යානයේ හිඳගෙන හිටියා. ඔහු විසි එක් වතාවක් ගේ කුරුල්ලෙක්ව පෙන්නා ඒ මොකෙක්දැයි මගෙන් ඇහුවා. මම ඒ හැම වතාවෙ ම ඔහුට පිළිතුරු දුන්නා. මම පොඩ්ඩක්වත් තරහා ගන්නේ නැතිව, මගේ දරුවාට ආදරයෙන් මම ඒ හැම වතාවෙ ම ඒ අහිංසකයාව වැළඳ ගත්තා”


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top