ගංවතුරේදී බිරිඳ වෙනුවෙන් පුටුවලින් පාලමක් හැදූ ස්වාමි පුරුෂයා

Fun Zone වෙතිනි. කවරයේ ඡායාරූපය: getty images

හිතමු හැදෙමු

ගංවතුරේදී බිරිඳ වෙනුවෙන් පුටුවලින් පාලමක් හැදූ ස්වාමි පුරුෂයා

තමන්ගේ භාර්යාවට නොයෙකුත් අඩම් තේට්ටම් කරන සහ කාන්තා අයිතීන් පිළිබඳව බෙහෙවින් කථා කෙරෙන කාලයක කාන්තාවක් වෙනුවෙන් සිදුකෙරෙන මේ අගනා කර්තව්‍යය ඔබට ගෙන එන්නට අපි කල්පනා කළා. මෙහි සිටින පුරුෂයා තමන්ගේ බිරිය වෙනුවෙන් පුටු දෙකක් මාරුවෙන් මාරුවට තබමින් ඇයට බිඳක් හෝ නොතෙමී එගොඩ වන්නට උපකාරී වෙනවා.

“සැමියා බිරිඳගේ දෙවියාය” කියා අතීත කථාවක් තිබෙනවා. ඒ වගේ ම නූතනයේ “සැමියා බිරිඳගේ ටොමියාය” යනුවෙන් එය වෙනස් කොට විහිළු අර්ථයකින් භාවිතා කරන අවස්ථා ද තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි නගරයේදී දකින්නට ලැබුණු මේ සිදුවීමේදී ඉන් කුමක් සිදුවීදැයි සිතීම අපි ඔබට භාර කරනවා. ඒ කොහොම නමුත්, මින් උගත හැකි දේ නම් විවාහයේ නියම අර්ථය එකිනෙකාට උපකාර කරගනිමින් ජීවිතයේ දුකසැප බෙදාහදා ගැනීම බව යි. මේ කාන්තාව ඒ පුරුෂයා වෙනුවෙන් මොන අන්දමේ කැපවීමක් කර ඇතිදැයි අප නොදන්නා නිසා මෙයට අර්ථ දැක්වීමක් ලබාදීමට අපට කිසිදු අයිතියක් නම් නැහැ.

මේ වීඩියෝවේ තිබෙන අඩු ගුණාත්මක බව නිසා බැලීමට ඇති අපහසුතාව පිළිබඳව අපි ඔබෙන් සමාව අයදිනවා.


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top