බොක්සිං වළල්ලෙන් පැරදී තම නැගණියගේ ජීවිතය දිනාදුන් සහෝදරයෙකුගේ කථාව

The Gift Of Life වෙතිනි

හිතමු හැදෙමු

බොක්සිං වළල්ලෙන් පැරදී තම නැගණියගේ ජීවිතය දිනාදුන් සහෝදරයෙකුගේ කථාව

මව්පියන්ගේ වියෝවෙන් පසු තමන්ගේ නැගණිය රැකබලා ගන්නට ජීවන බොක්සිං වළල්ලෙන් බැට කන සහෝදරයෙක් ගැනයි මේ කෙටි චිත්‍රපටය. එය “ජීවිතය යනු ආදරණීයයන් සමඟ ජීවත් වීම ය.” යන අපූරු පණිවිඩය සමාජගත කරන්නේ නෙතට කඳුළක් ද එක් කරමිනු යි.

නැගණියගේ වියදම් සහ සතුට වෙනුවෙන් බොක්සිං වළල්ලට පිවිසෙන මේ සහෝදරයාට මුදල් ලැබෙන්නේ ඔහු සියළු තරගවලින් පැරදුණු විට යි. මෙසේ ගුටිකමින් පැරදීම සඳහා වේතනයක් ලබාදෙන රැකියාවක් කරන ඔහුට දිගින් දිගට ම ගුටි කන්නට සිදුවන අතර ඔහුගේ ප්‍රතිවාදීන්ගේ මුහුණේ කුඩා හෝ කැළලක් නැතිවන ආකාරයෙන් ඔහුට පරදින්නට සිදුවෙනවා. එහෙත් ඔහු ක්‍රීඩාවෙන් පැරදුණත් තමන්ගේ ජීවන ගමන දිනන්නට ඔහු හැකියාව ලබනවා. තමන්ගේ සම්පූර්ණ ජීවිතයේ ම සෞඛ්‍යය නැගණිය වෙනුවෙන් කැප කරන ඔහුට සලකන්නට නැගණියගේ සැමියා කැමති වෙන්නෙත් නැහැ. මෙන්න මේ දේවල් පාදක කරගෙන ගොඩනගා ඇති මේ අපූරු කථාව සමාජයට හොඳ පණිවිඩයක් ගෙන එනවා.


මෙය අපට එව්වේ SameeRox විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top