පූසන්ගේ අමුතු හැසිරීම් රටාවන් 5ක්

විහිළු තහළු

පූසන්ගේ අමුතු හැසිරීම් රටාවන් 5ක්

පූසෙක් ඉන්න කෙනෙක් නම් ඔබ හොඳින් දන්නවා ඇති කොයිතරම් විහිළුකාර වැඩ එයාලා කරනවාද කියලා. ඊට පස්සේ මුකුත් තේරෙන්නෙ නෑ වගේ යන හැටි තමයි ඔක්කොටම වඩා හිනායන වැඩේ. ඇත්තට ම හිතාගන්න බැහැ උන් ඒවා කරන්නෙ හිතලාම ද නැත්නම් මෝඩකමට ද කියලා. මේ ගෙන එන්නේ ඒ වගේ පූසන්ගේ වැඩ ගැන කාටූන් වලින් ඇඳි හැසිරීම් රටා 5ක්.

1. මම ස්වාධීනයි, තනිවම ඕනෑ දෙයක් කරගන්න පුළුවන්

the-one-about-drama-queens-5810784b2b33a__605

පූස් පැටියෝ එන්න වඩාගන්න

– බෑ. මම නිදහස්, ස්වාධීන පූසෙක්.

– මේ.. පොඩ්ඩක් උදව් වෙනවාද? මගේ මේ අත චූට්ටක් පැටලුණා ඒකයි

2. පාටියක් දාන්න හොඳම වෙලාව මොකක්ද?

the-one-about-drama-queens-5810785e31aaf__605

ඔබ නිදාගන්නා අතරේ මුළු ගෙදර ම පෙරලන්න පූසා කැමතියි. ඒ තමයි ඌ දවසේ ලබාගත් ජයග්‍රහණ සමරන වෙලාව!

3. වේදිකාවට නැග්ගා ම ස්පොට් ලයිට් එකක් වැටුණා ම කෝමද කෝමද නේ

the-one-about-drama-queens-581078c91ec02__605

අව්ව චුට්ටක් වැටෙන්නෙ කොහෙද, පූසා එතන!

4. ඕනෑම කෝප්පයක් ඔට්ටුයි, මගේ එක හැර!

the-one-about-drama-queens-581078e388877__605

ගෙදර තියෙන හැම වතුර එක ම බොනවා, ඒත් ඌට බොන්න කියලා උගේ කෝප්පෙට දුන්නා ම නිකමට එ්ක දිහා බලන්නෙ නෑ.

5. මොනවා හරි හදනවා නම් හදන අතරෙම මටත් දෙන්න ඉතින්

the-one-about-drama-queens-5810782b3b6ad__605

ඤාව්.. ඤාව්.. ඤාව්.. ඤාව්.. ඤාව්.. ඤාව්..

– ඇයි පූසෝ ඔයාට කොච්චර කන්න දුන්නාද?

ඤාව්.. ඤාව්.. ඤාව්.. ඤාව්..

– ආ.. ඔයාටත් මේ මාළු කෑල්ලක් ඕනද?

ඤාව්.. ඤාව්..

– හා කමක් නෑ. මෙන්න කන්න

(පූසා වේදිකාවෙන් ඉවත්ව යයි)


මෙය අපට එව්වේ Akshika Nilmini විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in විහිළු තහළු

මේවාත් බලන්න

To Top