ඇත්ත ම වගේ පෙනෙන ත්‍රිමාණ චිත්‍ර

Insider වෙතිනි

අරුම පුදුම

ඇත්ත ම වගේ පෙනෙන ත්‍රිමාණ චිත්‍ර

චිත්‍ර කලාවෙදී වෙන්නේ විවිධ කෝණ සහ මානයන් අනුව සැබෑ ලෝකය හෝ සැබෑ ලෝකය පදනම් කරගෙන ෆැන්ටසි බිහි කිරීමයි. වර්ණ සහ රේඛා සංයෝජනය කළා ම වචන එකතු වෙලා හැදෙන ලස්සන කථාවක් වගේ චිත්‍රයකින් විඳින්න පුළුවන් දේවල්නුත් බොහොමයි.

නිර්මාණයක කෝණය භෞතික වශයෙන් විතරක් නෙවෙයි, බුද්ධිමය වශයෙන් ද ඉතා ම පුළුල් පරාසයකට විහිදී යනවා. මේ විධියට නව මානයන් බිහි කිරීමෙන් තමයි, කුසට අහර වගේ මානව චින්තනයට පෝෂ්‍යදායී දේවල් ලැබෙන්නේ.

මේ වීඩියෝවේ, මේ දිනවල වැඩි වශයෙන් දකින්නට ලැබෙන ත්‍රිමාණ ඡායාරූප රැසක එකතුවක් තිබෙනවා. එදිනෙදා අපි ගෙදරදී දකින දේවල් නිසා එකවර, බැලූ බැල්මට ඒවා බොරු ඒවා කියලා පොඩ්ඩක්වත් හිතෙන්නෙ නැහැ. විශේෂයෙන් ම අපේ මොළය හුරු වෙලා තියෙන්නේ නිතර දෙවේලෙ දකින කුකුළාගේ කරමලය සුදුයි කියන්න වගේ ඒ දේවල් පිරිසිඳ දකින්නේ නැතිව දුටු ගමන් “ආ, මේ මේක තමයි” කියලා හිතන්නයි. මෙය හොඳින් භාවිතා කරපු අගනා අවස්ථාවක් මේ වීඩියෝවෙන් දැකගන්න පුළුවන්. එතරම් දක්‍ෂව මේවා ඇඳපු හැටි දැක්කා ම ඔක්කොට ම වඩා පුදුම හිතෙනවා.


මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top