iPhone5S දුරකථනයක් කෝච්චියට තිබ්බොත් මොනවා වෙයිද?

TechRax වෙතිනි

අරුම පුදුම

iPhone5S දුරකථනයක් කෝච්චියට තිබ්බොත් මොනවා වෙයිද?

හැම දෙනෙක් ම වගේ රුපියලේ, රුපියල් දෙකේ සහ පහේ කාසි කෝචිචයට තියලා එකේ ප්‍රමාණය දෙගුණ වෙන හැටි දැකලා තියෙනවා. මේ වීඩියෝවේ ඒ පුද්ගලයා ඉතා ම මෑතකදී නිකුත් වුණු නවතම Apple දුරකථනය වන iPhone7 එකට පෙර නිකුත්වූ දුරකථන අතරෙහි වූ iPhone 5S දුරකථනය රේල් පීල්ල මත තියලා දුම්රියට ඒ මතින් යන්නට ඉඩ හරිනවා. දුරකථනය එතරම් සවිමත්ද?

ටොන් ගණනක බරින් යුත් දුම්රියකට යමක් හසුවුණොත් දුම්රියේ දිග ප්‍රමාණයෙහි බලපෑමකින් තොරව ම එන්ජිම හෝ කෝච්චි පෙට්ටි එකක පමණදී ම සියළු දේ හමාර වෙනවා. මෙම වීඩියෝවේදීත් ඔබට පෙනෙනවා ඇති දුම්රියේ දිග අඩු වුණත් එන්ජිම ඒ මතින් ගිය වහා ම සිත නිවන කතා ඇසෙන හැටි.

ජලයට, දූවිල්ලට ඔරොත්තු දෙන දුරකථනයක් දුම්රියට අසුවුනොත්, එහෙමත් නැත්නම් වැරදිලා හෝ ඔබේ අතින් දුම්රිය පීල්ලකට එය වැටුණොත් දුරකථනය ඊට මුහුණ දෙන්නට සූදානම් ද නැතහොත් ඔබ හැරයාවිද කියලා මෙයින් හොඳින් අතිවිඳින්න පුළුවන්.


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top