දියේ ගිලෙන්නට යන මිනිසෙක් බේරාගත් අලියෙක්

BoredPanda වෙතිනි

අරුම පුදුම

දියේ ගිලෙන්නට යන මිනිසෙක් බේරාගත් අලියෙක්

අපි හැමදාම දකින්නේ කරදරයට පත් අලියෙක්ව හෝ අලි පැටියෙක්ව මිනිස්සු විසින් බේරා ගන්නා හැටියි. ඒත් ඒකෙ අනෙක් පස, අලි පැටවෙක් මිනිසෙක්ව බේරාගන්නා හැටි දැක්වෙන අගේ ඇති වීඩියෝවක් තමයි මේ.

කලින් වීඩියෝවකදී හුරතල් නමුත් භයානක සතුන් අතරට අලින් ද දක්වා තිබුණත් මේ දියේ ගසාගෙන ගොස් බේරෙන්නට වෙර දරන මිනිසෙක්ව බේරාගන්න අලි පැටියෙක් ඉදිරිපත් වන ආකාරය දැක්කා ම අලිත් හොඳයි කියලා නොහිතෙන එකක් නැහැ. මොකද, මින් ඔප්පු වෙන්නේ සතුන් තුළ ද තමන්ගේ විශේෂය හැරුණා ම අනෙක් වර්ගයේ සත්ත්ව විශේෂයන් පිළිබඳව ද කරුණාබර හැඟීම් ඇති බව යි. එවන් අත්දැකීම් අතරේ අම්මා නැති කුකුළු දරුවන්ට අම්මා කෙනෙක් වන බැළලියන් ඔබ දැක ඇති.

කොහොමනමුත්, මේ පුද්ගලයා සත්‍ය වශයෙන් ම දියේ ගසාගෙන යන බවක් පෙනෙන්නේ නැහැ වගේ ම එය වීඩියෝ කරමින් තවත් කෙනෙක් සිටීමෙන් මෙය ප්‍රෝඩාවක් බව පෙනෙනවා. හැබැයි මිනිසා රඟපෑවත්, අලියා තමන්ගේ හිතේ ආදරයෙනුයි ඔහු වෙත දිව එන්නේ. එයයි වැදගත්. ඊට පස්සේ ඔහු එගොඩට ආසන්න වූ විට හොඬයෙන් “එගොඩ වෙන්නැ”යි කියන්නාක් මෙන් දැක්වීම හරිම ආදරණීය යි.


මෙය අපට එව්වේ Nimal Pushpakumara විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top