මල්ලිලාගේ වැඩ නුරුස්සන අයියලා ගැන චිත්‍රපටයක්

Movieclips Trailers වෙතිනි

වයිරල්

මල්ලිලාගේ වැඩ නුරුස්සන අයියලා ගැන චිත්‍රපටයක්

“මල්ලි මොනවා කරත් අම්මලාට ගාණක් වත් නෑ. එයා කරන හැමදේම හරි, මම කරොත් තමා වැරදි. එයාලාට මගේ වැරදි විතරමයි පේන්නේ.” මෙහෙම තමයි හැම අයියා කෙනෙක් ම පොඩි කාලෙදි මල්ලිලා ගැන හිතන්නේ. මෙන්න මේ ස්වාභාවික සංසිද්ධිය පාදක කරගෙන ගොඩනැගුණු අපූරු සජීවීකරණ චිත්‍රපටය තමයි The Boss baby ලෙසින් ලබන වසරේදී සිනමා තිරයට පැමිණෙන්නේ.

මාලා ෆ්‍රාසී විසින් රචිත ‘ද බොස් බේබි’ කෘතිය පදනම් කරගෙන ගොඩනගා ඇති මෙම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය නිශ්පාදනය කරන්නේ සුප්‍රසිද්ධ DreamWorks Animations ආයතනය විසිනුයි. ටොම් මැක්ග්‍රාත් විසින් අධ්‍යක්‍ෂිත එය ලබන 2017 වසරේ මාර්තු මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිත යි.

**නිවේදනයයි! බැලීමට පෙර කථාව පහත දැක්වෙනවා**

මෙහි කථා මාලාවේ අඩංගු වන්නේ දෙමව්පියන් සමඟ ආදරයෙන් සිටින දරුවෙක්ට එකවරම මව්පියන් මල්ලි කෙනෙක් ගෙන ඒමෙනුයි. මේ අවුරුදු හතක කුඩා සහෝදරයාගේ ඉතා ඉක්මණින් කථාවට දක්‍ෂකම් දැක්වීම, ඔෆිස් ඇඳුමක් සහ බ්‍රීෆ්කේස් එකක් රැගෙන එහෙ මෙහ යන ක්‍රියා කලාපය වැඩිමහල් සහෝදරයාගේ ඊර්ෂ්‍යාවට ලක්වීම යි. ඒත් මුලදි දෙන්නාට දෙන්නා ගැටුණත් පසුව තමන්ගේ දෙමව්පියන්ට තෙවන පාර්ෂවයකින් එල්ලවන තර්ජනයක් හමුවේ ඔවුන් දෙදෙනා එක්ව එකාමෙන් කටයුතු කොට ජයග්‍රහණය කරනා හැටියි මේ චිත්‍රපටියේ දැක්වෙන්නේ.

Continue Reading
Click to comment

More in වයිරල්

මේවාත් බලන්න

To Top