චීස් සමඟ හොට් ඩෝග් බැදගන්නා හැටි

Tasty වෙතිනි

ඉවුම් පිහුම්

චීස් සමඟ හොට් ඩෝග් බැදගන්නා හැටි

විනෝද චාරිකාවක් යද්දි හෝ හවසක යාළුවොත් එක්ක ගෙදර හමුවක් වැනි අවස්ථාවකදී පහසුවෙන් බඩ පිරෙන්නයි, හිත පිරෙන්නයි පුළුවන් කෑමක් හදාගන්න හැටියි මේ.

8 දෙනෙකුට ඇති වෙන්න මෙහෙම හදාගන්න පුළුවන්:

අවශ්‍ය දෑ

චීස් පෙති 8
‍සොසේජස් 8
ලී රැඳවුම් 8
පිටි කෝප්ප 2
ලුණු මේස හැඳි 1
ගම්මිරිස් ‍මේස හැඳි 1
‍බේකින් පවුඩර් මේස හැඳි 1
කිරි කෝප්ප 1 ½
බිත්තර 2
බැදීමට තෙල්
පිළිගැන්වීමට තක්කාලි සෝස් සහ අබ සෝස්

සාදාගන්නා ආකාරය

චීස් පෙත්තක් මැදින් සොසේජස් කරලක් තියාගන්න.
සොසේජස් කරල වටේ චීස් පෙත්ත ඔතා ලී රැඳවුම යොදන්න.
විනාඩි 20ක් අධි ශීත කරන්න.
විශාල බඳුනකට පිටි, ලුණු, ගම්මිරිස්, බේකින් පවුඩර්, කිරි සහ බිත්තර එකට ගසා ගෙන (ගඩොළු නැති, සුමට වන තෙක් හැඳිගා මිශ්‍ර කරගෙන) බැටරය සකසා ගන්න.
වෙනත් බඳුනක් ලිප තබා එහි තෙල් රත් කරගන්න. Heat oil in a pot over medium-high heat until 375°F-400°F.
සකසාගෙන ශීත කළ හොට්ඩෝග්ස් තබා එය බැටරයේ ගිල්වා ඉවතට ගෙන වැඩිපුර බැටරය ඉවත් වන සේ මඳක් කරකවන්න.
එය ඉතා ප්‍රවේශමෙන් සෑම කොටසක් ම සමානව බැදගෙන රන් පැහැයට හැරෙද්දී ඉවතට ගන්න.
වැඩිපුර තෙල් ඉවත්වීම සඳහා කඩදාසියක් මත තබා තක්කාලි, අබ සෝස් වර්ග සමඟ පිළිගන්වන්න!


මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top