කැමති රසකින් වතුර බොන්නට කෝප්ප පෙළක්

නව නිපැයුම්

කැමති රසකින් වතුර බොන්නට කෝප්ප පෙළක්

කාර්යබහුලකම නිසා වතුර බොන්නට අමතක වෙනවා වගේ ම රහක් නැති නිසා වතුර බොන්න අකමැති අයත් බොහොම ඉන්නවා. ඒ නිසා ම වතුර වෙනුවට විවිධ පැණි බීම වර්ග බොන්නට පෙළඹී සිටින ඔවුන් පසුකාලීනව දියවැඩියාව වැනි රෝග තත්වයන්ට ද මුහුණ දීමේ අවධානමකට ද ලක් වෙනවා. ඒත් මේ Right Cup නම් ඊට හොඳ පිළියමක්.

සාමාන්‍ය වතුර මේ කෝප්පවලට දැම්මා ම දොඩම්, ඇපල්,  පීච්, බෙරි වැනි විවිධ රසවලින් බොන්නට පුළුවන්. පාරදෘෂ්‍ය පිටත බඳුනක්, වර්ණ ගැන්වූ ඇතුලත බඳුනක් සහ රස හා සුවඳ කැවූ උඩ කොටස ලෙස කොටස් තුනකින් යුත් මේ වීදුරුව මගින් අපේ මොළයට සංඥා කරන්නේ අපි දැන් පළතුරු යුෂ පානය කරන බවට යි. පානය කිරීමේදී කෝප්පය නාසය අසලට එන නිසා සුවඳත්, ඉහළ කොටසේ යොදා ඇති ශරීරයට හිතකර යැයි ඇමරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් සහතික කළ රසකාරකය නිසාත් මෙම සංඥාවන් මොළයට ලැබෙනවා. ඒ නිසා ඔන්න දැන්නම් සීනියි, පළතුරු යුෂ පිළියෙළ කරගන්නට යන කාලයයි දෙක ම අවම කරගෙන සාමාන්‍ය වතුර ම පානය කරන්නට පුළුවන්. මෙම රස සහ සුවඳකාරක මාස හයක් පමණ පවතින බවයි නිශ්පාදකයන් සඳහන් කරන්නේ.


මෙය අපට එව්වේ SameeRox විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top