මකුළුවන්ට හානියක් නැතිව අල්ලන්නට උපකරණයක්

Insider වෙතිනි

නව නිපැයුම්

මකුළුවන්ට හානියක් නැතිව අල්ලන්නට උපකරණයක්

ගෙදර ඉඳගෙන අපිට වධ දෙන කෘමීන් අතරට මකුළුවන් ද අයිති වෙනවා. ඒත් උන්ට හානියක් නැතිව නිවසින් බැහැර කරන්න පුළුවන් උපකරණයක් තමයි මේ.

ඔබට තිබෙන ප්‍රශ්ණයමයි මෙහි නිර්මාණකරුවාට තිබිලා තියෙන්නෙත්. අයිරිෂ් ජාතික ටෝනි ඇලන්ගේ පුත්‍රයා මකුළුවන්ට බොහොම භය නිසා නිවසේ සිටින මකුළුවන් ඉවත් කරන්නට ඔහුට සිදුවී තිබෙනවා. බොහෝ ගෘහාශ්‍රිත මකුළුවන්ගෙන් අපිට හානියක් නැහැ. ඉතින් අපි බයයි කියලා උන්ගෙන් අපට කරදරයක් නැහැ. ඉතින් මරා දමන එකත් හොඳ වැඩක් නොවෙන නිසා පරිස්සමෙන් අල්ලලා ඉවත දමන්න පුළුවන් නම් හොඳයි. මේ උපකරණය ඊට හොඳින් සහාය වෙනවා.

එහි කෙළවර ඇති තන්තු නිසා අල්ලා ගත් පසු මුදාහරින තෙක් ඉන් ඉවත්ව යන්නට මකුළුවන්ට අවකාශ නැහැ. හැබැයි ඉතින් මකුළුවෙක්ට කියලා දෂ්ඨ කරවා ගන්න මින් පස්සෙ අවස්ථාවක් නොලැබෙන නිසා ඔබට Spider Man වෙන්නට තිබුණු අවස්ථාවක් නම් නැතිව යනවා කියලා අමතක කරන්න එපා.


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top