වැලි චිත්‍ර තනියම ඇඳගෙන මතුපිට වෙනස් කරගන්නා මේසයක්

Projects වෙතිනි

නව නිපැයුම්

වැලි චිත්‍ර තනියම ඇඳගෙන මතුපිට වෙනස් කරගන්නා මේසයක්

වැලි වලින් සිතුවම් අඳින ආකාරය ඔබ ඕනෑතරම් දැක ඇති. එය පුහුණු වීමට කල් ගතවන සහ ඉතා සීරුවෙන් කළ යුතු කලා අංගයක්. ඒත් එයත් දැන් පරිගණකයකට කරන්නට පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද? ඒ විතරක් නෙවෙයි, මෙය දැන් මේසයක මතුපිට රටාව වෙනස් කරන්නට ද භාවිතා කළ හැකි ආකාරයෙන් නිපදවා තිබෙනවා.

මෙහි තිබෙන යකඩ බෝලය මේසයේ පෘෂ්ඨය මත ඇති කරන චුම්භක බලය හරහා චලනය කරවමින් වැලි මත රටාවන් මවන අතර ඒ රටාවන් සියල්ල අපිට දුරකථනයේ තිබෙන ඇප් එකක් හරහා ලබාදෙන්නට පුළුවන්. මේ මත වීදුරුවක් තිබෙන නිසා ඒ මත තේ කෝප්පය ආදිය තබමින් මේසයක් ලෙසින් භාවිතා කරන්න පුළුවන්. මෙය අවන්හල්වලට නම් පාරිභෝගික ආකර්ෂණයට හොඳ උත්ප්‍රේරකයක් වේවි.


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top