දුරකථන තිරය අතමත මවන සිස්ටර් පළඳනාව

නව නිපැයුම්

දුරකථන තිරය අතමත මවන සිස්ටර් පළඳනාව

දුරකථනය ඔබට වඩා දුරින් තියෙන වෙලාවක මැසේජ් එකක් හෝ දුරකථන ඇමතුමක් ආවොත් නැගිටලා ගිහින් ඒක අතට ගන්න කම්මැලි හිතෙනවා තමයි. ඒත් කොහොමද දුරකථන තිරය අත මත ම මැවෙනවා නම්?

මේ සිස්රට් පළඳනාව සමාන අත් පටියක් හෝ බ්‍රේස්ලට් එකක් වගේ මැණික් කටුව ආසන්නයෙන් පැළඳ ගන්න විතරයි තිබෙන්නේ. එය රැහැන් රහිතව දුරකථනය සමඟ එහි ස්ථාපිත ඇප් එක සමඟ සම්බන්ධවී තිබෙන නිසා දුරකථන තිරය මෙහි ඇති ප්‍රොජෙක්ටර් හරහා අපේ අත මත මවනවා. ඉන්පසු අපි එය ටච් කරන විට ඒවා හඳුනාගත හැකි සංවේදක ද ඒ අතර තිබෙන අතර එමඟින් අපි තිරය මත අත තබද්දී ඇතිවන බාධාව අනුව එය හඳුනාගන්නවා. මේ නිසා සාක්කුවේ තිබෙන ෆෝන් එක හැමතිස්සෙ ම එළියට අදින්නත් දුර තියෙන ෆෝන් එක අතට ගන්න ඇවිද්දන්න මහන්සි වෙන්නත් ඕන වෙන්නෙ නැහැ. ඒත් පොඩි ප්‍රශ්ණයක් තිබෙනවා. ඔබ අතේ ලෝම බහුල කෙනෙක් නම්?


මෙය අපට එව්වේ Akshika Nilmini විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top