නව නිපැයුම්
හෙල්මට් අනවශ්‍ය යතුරුපැදියක්
යතුරුපැදි කියන්නේ පොඩ්ඩක්වත් ආරක්ෂාකාරී වාහනයක් නෙවෙයි. ඒත් BMW ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන නව අදහසක් වශයෙන් බුද්ධිමත් බවින් වැඩි යතුරු පැදියක් හඳුන්වාදී තිබෙනවා.ගොඩක් දෙනෙක් පොලීසිය ඉන්නවා නම් විතරක් හෙල්මට් එක දාගන්න එකේ දැනට තිබෙන යතුරු පැදිවල කොතරම් ආරක්ෂාවක් තිබුණත් ඉන් ඵලක් වෙන්නේ නැහැ. හැබැයි මේ Motorrad VISION NEXT 100 ලෙස නම් කර ඇති යතුරු පැදියට නම් ඇත්තෙන් ම හිස් ආවරණයක් අවශ්‍ය නැහැ. මෙහි තිබෙන පද්ධතිය හරහා ඉදිරියේදී ඇතිවිය හැකි අනතුරු පෙන්වමින් ඉන් මිදෙන ආකාරය පෙන්වා දෙන නිසා සහ ස්වයංක්‍රීයව සමතුලනය වන නිසා කිසිම ආකාරයේ අනතුරක් සිදුවීමේ ඉඩකඩක් නැහැ.
TechCrunch වෙතිනි.
මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.