මුවන් ආහාරයට ගන්නවා නම් සිංහ පැටවුන් බුදින්නේත් තණකොළයි

ruflanz.ch වෙතිනි

හිතමු හැදෙමු

මුවන් ආහාරයට ගන්නවා නම් සිංහ පැටවුන් බුදින්නේත් තණකොළයි

රෆ් ලාන්ස් නම් වෙළඳ දැන්වීම් ආයතනයක් විසින් ස්විස්ටර්ලන්තයේ හිල්ට්ල් භෝජනාගාරය සඳහා මේ වෙළඳ දැන්වීම් පෙළ නිපදවා තිබෙනවා. ලොව වැඩිම කාලයක් පවත්වාගෙන යන නිර්මාංශ භෝජනාගාරය නමින් ගිනස් වාර්තා පොතට ද ඇතුලත්ව ඇති මෙය 1898දී ඇම්බ්‍රෝසියස් හිල්ට්ල් විසින් අරඹා තිබෙනවා.

මෙහි සටන් පාඨය ලෙසින් “අභ්‍යන්තරයෙන් අපි සියල්ලෝ ම ශාක භක්ෂකයෝ ය.” කියා සඳහන් කරන අතර ආහාර දාම පිළිබඳ අධ්‍යයනයෙන් තහවුරු කෙරෙන ඒ සාධකය ඔවුන් වෙළඳ ප්‍ර‍චාරණය සඳහා යොදා ගෙන තිබෙනවා. ඉතින් මස් මාංශ ආහාරයට ගන්නා හැමවිටම අපිත් ඒ සතුන් ආහාරයට ගත් දේවල් ම වක්‍රාකාරව ආහාරයට ගන්නවා.

හරක් මස් කනවා කියන්නේ අපිත් තණකොළ කනවා කියන එක යි. කුකුළු මස් කනවා කියන්නේ අපිත් නිවුඩු කන බව යි. ඌරු මස් කනවා කියන්නේ අපිත් අසූචි කන්නට බොහොම ආස බව යි.


මෙය අපට එව්වේ SameeRox විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top