කෙසෙල් කන පූසෙක් සහ තවත් පූසන්ගේ වැඩ ගොඩක්

විහිළු තහළු

කෙසෙල් කන පූසෙක් සහ තවත් පූසන්ගේ වැඩ ගොඩක්

පූසා කියන්නෙ මාංශ භක්ෂකයෙක්, උන් කන්නේ මස් මාළු විතරයි කියලා පුංචි කාලෙ ගිරවුන්ට වගේ අපිට කියලා දීලා තිබුණාට මේ වීඩියෝවේ හැටියට නම් එහෙම බවක් නම් පෙනෙන්නට නැහැ. හැබැයි මොනවා භක්‍ෂණය කළත් පූසා කියන්නේ අපූරු වැඩවලින් පිරුණු සුරතල් සතුන් කොට්ඨාශයක්. ඉතින් කෙසෙල් ගෙඩියක් කන්නට වෙර දරන පූසෙක් වගේ ම මිනිසෙක් වගේ ඇඳක නිදාගෙන ඉන්න පූසෙක්, ස්පා එකකට ගියා වගේ ඉන්න තවත් එකෙක් සහ කිස් එකක් ද දෙන පූසෙක් වගේ පූසන්ගේ වැඩ ගොඩක් මේ වීඩියෝවේ ඇතුලත් වෙනවා.

මුරණ්ඩු බව එය සුරතල් බවින් වසාගන්නා බළලුන් බැන්නත් නොතේරෙනවා වගේ තමන්ට ඕන දේ කරගෙන ඉන්නේ හරියට අපි එයාලගෙ ගෙදර ඉන්නවා වගේ. බල්ලා ස්වාමියා දේවත්වයෙන් සලකද්දි බළලුන් හිතන්නේ අපි උන්ව දේවත්වයෙන් සලකා ගෙන ඉන්නවා කියලයි. හැබැයි ඒ මොනවා වුණත් ළඟට ඇවිත් පුරු පුරු ගගා ඇඟේ දැවටෙද්දි ආදරයෙන් ඔළුව අතගාන්න කිසිම කෙනෙක් පසුබට වෙන්නේ නැහැ. කරදරයක් වන බවක් දැනුනොත් පුරු පුරුව පැත්තක තියලා නියපොතු වලින් අපි කවුද කියලා මතක් කර දෙන්න උන් පසුබට වෙන්නේත් නැහැ.


මෙය අපට එව්වේ Akshika Nilmini විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in විහිළු තහළු

මේවාත් බලන්න

To Top